Home දේශීය පුවත් මිල්කෝ, හයිලන්ඩ් අලෙවිය ඉහළ යයි

මිල්කෝ, හයිලන්ඩ් අලෙවිය ඉහළ යයි

0
මිල්කෝ, හයිලන්ඩ් අලෙවිය ඉහළ යයි

එක් කිරි පට්ටිය උපදේශකවරයෙකු ට දෛනිකව කිරි ලීටර් පන්දාහක ඉලක්කයක් සැපිරිය යුතු බවත් එසේ නොකර තම වැටුප සාධාරණයක් ඉටු නොකරන නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

තමන් මීට පෙර ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයහි අමාත්‍යවරයා ව සිටිය දී මිල්කෝ ජාතික කිරි මණ්ඩලය දෛනික ඉකිරි එක්රැස් කිරීම  ලීටර් තුන්ලක්ෂ හතළිස් දහස ඉක්මවූ  බවත්  පසුගිය වර්ෂයේ එය එක් ලක්ෂ පනස්දහස දක්වා අඩුවීම පිළිබඳව තමන් කනගාටුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මහනුවර සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ පැවති කිරි එක්රැස් කිරීමේ කිරිපට්ටිය උපදේශනවරුන්ගේ මාසික ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

දේශීය කිරි උපයෝගී කරගනිමින්  නිෂ්පාදිත මිල්කෝ,හයිලන්ඩ් නිෂ්පාදන මේ වන විට පාරිභෝගිකයන් අතර ඉතා ඉහළ අගයක අලෙවියක් පවතින බවත් ග්‍රාමීය පාසල් දරුවන්ට කිරි වීදුරුව ලබාදීමේ වැඩසටහන ද මෙම ආයතනය තුළින් ක්‍රියාත්මක වන බැවින් ද දෛනික කිරි එක්රැස් කිරීම තීව්‍රර කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මිල්කෝ ආයතනය යටතේ අබේවෙල කිරි කර්මාන්ත ශාලාව, දිගන ශාලාව, පොලොන්නරුව හා කොළඹ කිරි කර්මාන්ත ශාලා සඳහා දෛනික කිරි අවශ්‍යතාව ලීටර ලක්ෂ හතර හමාර ඉක්මවන අමාත්‍යවරයා කීය.

ගම්පහ බඩල්ගම නව කිරි කර්මාන්තශාලාව ඉදිරි මාස කීපය තුළ ජනතා අයිතියට පත් කළ හැකි බවත් ඒ සමග මිල්කෝ දෛනික කිරි අවශ්‍යතාවය ලක්ෂ 7 දක්වා වැඩි වනු ඇති බව මෙහිදී පී. හැරිසන් අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version