මාකඳුරේ මධුෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශයක් ලබා ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මධුෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ ලබා ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කරනු ලබන විමර්ශනවලට අදාළව ය.

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනුණු සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් පසුගිය 05 වන දා දිවයිනට එවීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනිණි.

පොලීසිය පැවසුවේ, මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කර ගෙන යන බව ය.

මෙරට ප්‍රධානම සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ද පියවර ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.

Exit mobile version