මහසොන් බළකායේ නායක තවදුරටත් රිමාන්ඩ්

මහසොන් බළකායේ නායක අමිත් වීරසිංහ ලබන 4 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය අද (29) නියෝග කළාය.

සැකකරුට එරෙහිව සාක්කි සම්පින්ඩන වාර්තාව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ  දී මහෙස්ත්‍රාත්වරිය එය සළකා බලා අදාළ පනත් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමෙන් අනතුරුව ලබන 4 වැනි දා ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව සඳහන් කළාය.

Exit mobile version