ඉස්ලාමීය ආගම සහිත කොළයක බෙහෙත් ඔතා දුන් වෛද්‍යවරයෙකුට වෙච්ච දෙයක්

ඉස්ලාමීය ආගමික ඉගැන්වීමක් සහිත කොළයක බෙහෙත් ඔතා දීම නිසා පාකිස්තානයේ වෙසෙන හින්දු පශු වෛද්‍යවරයෙකු එරට ක්‍රියාත්මක දැඩි දේව අපහාස නීතිය යටතේ දඬුවමට ලක්කර තිබේ.

ගිනිකොණදිග පාකිස්තානයේ සින්ධා පළාතේ, මිර්පූර් ඛාස් ගම්මානයේ ඇති මෙම වෛද්‍යවරයාගේ පශු වෛද්‍ය රෝහල වෙත පැමිණි ප්‍රකෝපකාරී පාකිස්ථාන ජාතිකයන් එය ගිනිබත් කර ඇති බව කියයි.

මේ අතර, තවත් පිරිස් හින්දූන්ට අයත් තවත් වෙළෙඳ ස්ථාන රැසක් මංකෝල්ලකා ඇති බවද පාකිස්තානයෙන් වාර්තා වෙයි.

වෛද්‍යවරයා පවසා ඇත්තේ තමන් ඉස්ලාමීය පාසලක පැරණි පොතකින් කඩාගත් කොළයක මෙසේ බෙහෙත් එතීම සඳහා යොදාගත්තත් එහි කුමක් තිබුණේද යන්න පිළිබඳ නොදැන සිටි බවයි. එය අත්වැරැද්දක් බව වෛද්‍යවරයා පවසා ඇත.

කෙසේ වෙතත්, මෙම අසාමාන්‍ය දේව අපහාස නීතිය යටතේ යමෙකු වරදකරුවෙකු වුවහොත් ඔහුට හෝ ඇයට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලක්වීමට සිදුවෙයි.

එරට මෙම දේව අපහාස නීතිය යටතේ දෙවියන්ට අපහාස කළේ යැයි පවසමින් උපරිම දඬුවම් පැමිණවීම සිදුකළත්, මෙය හුදෙක් එරට ඉස්ලාම්වරුන් විසින් සුළු ජාතීන් ඉලක්ක කිරීමටම සාදාගත් නීතියක් බවට චෝදනා පවතී.

Exit mobile version