මෙන්න අද කාලගුණ තත්ත්වය

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථාන වලට විශේෂයෙන්ම දකුණු පළාතේ සහ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වල මි.මී. 100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කළේය.

ඌව පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version