බෝර 12 ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

බකමුණ -දියබෙදුම, 05 කණුව රක්ෂිතයේ බකමුණ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් බෝර 12 ගිනි අවියක් සහ එම පතුරම් 02ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(30) රාත්‍රීයේ ලද තොරතුරක් මත මෙම වැටලීමක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28ක් වු ගිරිතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද(31) හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Exit mobile version