මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය අද සිට යළි විවෘතයි

පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස තාවකාලිකව වසා දමා තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහලේකම් කාර්යයාල දුම්රිය නැවතුම්පොල අද(31) සිට යළි විවෘත කර තිබේ.

කාර්යාල දුම්රිය සඳහා පමණක් දුම්රිය නැවතුම්පළ විවෘත වන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

දුම්රිය ස්ථානය ආශ්‍රිතව මගීන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඒ සඳහා විශේෂ දොරටු සකස් කර ඇති බවත් දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.

එමෙන්ම තාවකාලිකව නවතා තිබූ දුම්රිය මගී පාර්සල් ප්‍රවාහන කටයුතු හෙට(01) සිට යළි ආරම්භ කිරිමට ද තීරණය කර ඇත.

Exit mobile version