පිපිරීමකින් යුදහමුදා සාමාජිකයකු ජීවිතක්ෂයට

යාපනය පලාලි වාසවිලාන් ප්‍රදේශයේ සිදුවු පිපිරීමක් හේතුවෙන් යුදහමුදා සාමාජිකයකු ඊයේ (01) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම පිපිරීම හේතුවෙන් තවත් යුදහමුදා සාමාජිකයින් දෙදෙනකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූ සෙබලුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මේවනවිට අරඹා ඇත.

Exit mobile version