“එජාප ජනපති අපේක්ෂකයාගේ නම දැන්ම කිව්වාම ඒකේ රහක් නෑනේ”

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ දූෂණයෙන් තොර ආගමානුකූලව කටයුතු කරන පුද්ගලයෙකු බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.

සිය පක්ෂයෙන් විවිධ පුද්ගලයින් ඉදිරිපත් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව ඒ මහතා වැඩ්දුරටත් පැවසුවා.

එහිදී “මේ වෙනකොට අපිට ඉතාම නිශ්චිතව.. අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙකු කැමැත්තෙන් ඉන්නවා.  ඒ අපේක්ෂකයා ධම්මික පෙරේරා නෙමෙයි. මේ වෙනකොට දේශපාලනයේ ඉන්න.. පසුගිය කාලයේ සිදුවුණු වැරදිවලට වගකීමක් නැති.. තමන්ගේ වැඩේ හරියට කරලා තියෙන.. දැන උගත්..තරුණ නායකයෙක්. නම දැන්ම කිව්වාම ඒක රහක් නෑනේ.” යනුවෙන්ද සඳහන් කළා.

Exit mobile version