පලාලි පිපිරීම ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

පලාලි කඳවුරට අයත් වාසවිලාන් ප්‍රදේශයේ නිසැක නොකරන ලද ඉඩමක තිබූ පැරණි පුපුරණ උපකරණයක් (Explosive Device) අනපේක්‍ෂිත ලෙස පිපිරීම හේතුවෙන් ඊයේ (01දා) දින සවස 3.30 ට පමණ සෙබලෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව හමුදාව නිවේදනය කරයි.

මෙම ප්‍රදේශය ශුද්ධ පවිත්‍ර කිරීමට යාමේදී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් වැළලී තිබුණියැයි සැක කෙරෙන මෙම උපකරණය හදිසියේ පුපුරාගොස් ඇති බවත් ශ්‍රී ලංකා පොලීසිය සහ යුද්ධ හමුදා පොලීසිය විසින් අදාළ සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන බවත් යුද හමුදාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුල 97% ක් පමණ මානුෂීය වෙඩි බිම්කෙත් නිසැක කිරීම් කටයුතු සිදුකර ඇති අතර, ප්‍රමුඛතාවය ලබාදී ඇත්තේ යුද්ධයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කරලීම් සඳහා වන අතර, යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශ තවදුරටත් නිසැක කිරීම් කටයුතු සිදුකිරීම සඳහා ඉතිරිව ඇති බවත් යුද හමුදාව නිකුත් ක නිවේදනයක දැක්වෙයි.

Exit mobile version