සාලි, හිස්බුල්ලා සහ බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුවේ උද්ඝෝෂණ (ඡායාරූප)

අසාද් සාලි, එම් එල් ඒ එම් හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුළු අන්තවාදයට සහය දෙන සියලු දෙනා අත්අඩංගුවට ගන්නැයි බල කරමින් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවති උද්ඝෝෂණය මීට නොබෝ වේලාවකට පෙර අවසන් කෙරුණා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු ද ඊට එක්ව සිටි බව වාර්තාවෙයි.

වත්මන් ආණ්ඩුව පෙරළා දැමිය යුතු බවද නීති ගරුක ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ කොටුව අවට වාහන ධාවනයට ද බාධා පැවති නමුත් දැන් වාහන ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තාවෙයි.

Exit mobile version