වැල්ලවත්ත-ගල්කිස්ස මුහුදු තීරයේ තෙල් තට්ටු ඉවත් කරයි

වැල්ලවත්ත සහ ගල්කිස්ස මුහුදු තීරයන්හී ගොඩගසා තිබූ  තෙල් තට්ටු මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සදහන් කළේ මේ වන විට එම මුහුදු ප්‍රදේශ ජනතාවට භාවිත කල හැකි මට්ටමේ පවතින බවයි.

වැල්ලවත්ත සිට ගල්කිස්ස දක්වා වන මුහුදු තීරයට ඉරිදා දහවල්  කාලයේ සිට මෙම තෙල් තට්ටු ගොඩගසා තිබුණි.

ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මුහුදු තීරය පවිත්‍ර කිරිමේ කටයුතු ආරම්භ කළ අතර ඊයේ (03) දිනයේදී සහ අද (04) උදෑසන කාලයේදීත් එම කටයුතු සිදුකල බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

මෙම තෙල්  කිසියම් නෞකාවකින් කාන්දු වූ ඒවා ද යන්න පිළිබඳව තවදුරටත් පරික්ෂණ සිදු කරන බව ද ඔහු සදහන් කරයි.

කෙසේවෙතත් මෙම තෙල් රජයේ ආයතනයක් වෙත හෝ පෞද්ගලික ආයතනයක් වෙත යොමු කර විනාශ කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර තිබේ.

Exit mobile version