අතිපූජ්‍ය මාතලේ අමරවංශ නාහිමියන්ගේ ශ්‍රී දේහයට ජනපතිගෙන් අවසන් ගෞරවය

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍යාය අතිපූජ්‍ය මාතලේ අමරවංශ නාහිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්විය.
උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති නාත්තණ්ඩිය, තබ්බෝව බෝධිමාලක පුෂ්පාරාම විහාරස්ථානය වෙත අද (24) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර ශිෂ්‍ය සහ විහාරස්ථ භික්ෂුන් වහන්සේලා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
Exit mobile version