පොසොන් උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් නිලධාරීන් 8000ක්

මෙවර පොසොන් උත්සවය සමය කේන්ද්‍ර කරගනිමින් අනුරාධපුර මිහින්තලය සහ තන්තිරිමලේ පුද බිම් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලෙක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාප් සෙනරත් සඳුන්ගහවත්ත මහතා පවසයි.

ඒ අනුව ආරක්ෂක කටයුතු සඳහා පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ මෙන්ම සිවිල් ආරක්ෂ බලකායේ නිලධාරීන් 8000ක් පමණ යෙදවීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

Exit mobile version