ලංගම සේවකයින් සිරිකොත පක්ෂ මූලස්ථානය තුළ විරෝධතාවක

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සේවකයින් පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානය තුළ විරෝධතාවක් පැවැත්වූ බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ, ජාතික සේවක සංගමය නියෝජනය කරන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සේවකයින් පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානය තුළ අද(10) පෙරවරුවේ සිට මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

තම උසස්වීම් පිරිනැමුනද, ඊට සරිලස අයුරින් වැටුප් වැඩිවීමක් සිදුනොවීම විරෝධතාවට හේතුවී තිබේ.

Exit mobile version