මහනුවර ඇසල මහා පෙරහැර අගෝස්තු 5 වනදා සිට විථි සංචාරය කෙරේ

2019 මහනුවර ඇසල මහා පෙරහැර ලබන අගෝස්තු මස 02 වන දින සිව් මහාදේවලයන්හි කප් සිටිවිමෙන් පසු ආරම්භ කෙරෙන බව දියවඩන නිලමේ තැන්පත් නිළංග දෑල මහතා පවසයි.

පළමු කුඹල් පෙරහැර අගෝස්තුමස 05 වනදා වීථී සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව අගෝස්තු මස 14 වන දින දක්වා ඇසල මහ පෙරහැර පැවැත්වෙන බව දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළේය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ අගෝස්තු මස 15 වනදා දිය කෑපිමේ උත්සවයෙන් පසුව 2019 මහනුවර ඇසල මහා පෙරහැර අවසන් වන බවයි.

Exit mobile version