පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අද අසාද් සාලී කැඳවයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(11) යළි රැස්වීමට නියමිතව තිබේ.

පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලී මහතා අද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

අද දිනයේ කාරක සභාව හමුවේ සාක්ෂිදීමට පාර්ශව කිහිපයක් කැඳවා තිබුණි.

කාත්තණ්කුඩි මුස්ලිම් පල්ලි සම්මේලනයේ සභාපතිවරයා, සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ නියෝජිතයෙකු අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කැඳවා ඇති බව වාර්තා වෙයි.

මේ අතර අදාළ කාරක සභාවේ කටයුතු කිසිදු බලපෑමකින් තොරව අඛණ්ඩව කරගෙන යාමට අවකාශ සලසා දෙන ලෙස සිවිල් සංවිධාන කිහිපයක් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලිමක් කර තිබේ.

Exit mobile version