පාෙසොන් වෙනුවෙන් අනුරාධපුරයේ පාසල් 11ක් වැසෙයි

අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල පාසල් 11ක් ලබන 13 වනදා සිට 18 වනදා දක්වා වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ, පොසොන් උත්සව සමයේ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා පිටපළාත්වලින් අනුරාධපුරයට පැමිණෙන පොලීසිය ඇතුළු ආරක්ෂක නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහායි.

මේ අනුව අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් අනුරාධපුර මාධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි ජාතික පාසල, ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය, සාන්ත ජෝශප් මහා විද්‍යාලය, විවේකානන්ද මහා විද්‍යාලය, සහිරා මහා විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය, දේවානම්පියතිස්ස මහා විද්‍යාලය, තන්තිරිමලේ විමලඥාන විද්‍යාලය, සහ ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කලාපයට අයත් මිහින්තලේ මහා විද්‍යාලය සහ කම්මලක්කුලම විද්‍යාල වසා දැමීමට පියවර ගෙන ඇත.

මෙසේ වසා තැබෙන පාසල් යළි ලබන 19 වෙනිදා ආරම්භ කිරීමට නියමිතය.

Exit mobile version