මෙන්න අද කාලගුණ තත්ත්වය

දිවයිනේ උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ.

ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

බදුල්ල, අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල මද වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

Exit mobile version