ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද, සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලූ 04 ක් දැවී ලකුණු 487 ක් ලබා ගෙන සිටි.

පන්දුවට පහරදීමේ දී දෙවන කඩුල්ල වෙනුවෙන් මුරලි විජේ ලකුණු 128 ක් රැස් කළේය.

කෙසේ වෙතත් නොදැවී ක්‍රීඩා කරන විරාට් කෝලි ලකුණු 162ක් ද, sharma ලකුණු 42 ක් ද ලබා සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී සියලූ දෙනා දැවී ලකුණු 205 රැස් කළේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම මේ වනවිට පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 282 ක් ඉදිරියෙන්.

Exit mobile version