ජනපති අද සමුළුව අමතයි

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවිමේ පියවර පිළිබඳ සමුළුව අද(15) තජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍ර ශාලාවේදී පැවැත්වේ.

සමුළුවට සහභාගීවිම සඳහා ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද දහවල් සමුළුව ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා සමුළුවට සහභාගී වී සිටින රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට ද නියමිත බව වාර්තා වෙයි.

Exit mobile version