මෙරට සීමාව ඉක්මවු ඉන්දීය ධීවරයින් 18ක් නිදහස් කරයි

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නිදහස් කර ඇත.

අත්අඩංගුවට පත් අදාළ පිරිස් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ධීවරයින් නිදහස් කිරීමට පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා ඊයේ(14) නියෝග කර තිබේ.

අදාළ පිරිස ආගමන විගමන නිලධාරීන් හරහා ඉන්දියාව වෙත බාරදීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Exit mobile version