ජනාධිපති යළි දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තජිකිස්ථානයේ පැවති සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අද (16) උදැසන යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ජනාධිපතිවරයා සමඟ දූත පිරිස 50කට අධික පිරිසක් මෙම සංචාරය සදහා සහභාගී වී සිටියේය.

ඔවුන් අද උදෑසන 9.05 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේය.

Exit mobile version