යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ ස්වාධිනත්වය අහිමි කරලද ?

වර්තමාන යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ ස්වාධිනත්වය අහිමි කරමින් සිටින බවට ශ්‍රී ලංකා රජ්‍ය නිලධාරින්ගේ වෘත්තිය සමිති සම්මේලනය චෝදනා කරයි.

ඊයේ(17)  පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය පාස්කු ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප්‍රශ්න කිරීම්වලට ලක් වු බව ද පැවසු සභාපතිවරයා, රාජ්‍ය සේවකයෙකුගෙන් ඉතා නිර්ලැජ්ජිත ලෙස පසුගිය දා ප්‍රශ්න කරන ආකාරය දුටු බව ද පැවසීය.

රාජ්‍ය සේවකයාගේ නිල ඇඳුම ගැන වගකීම ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා සතුව බව ද පැවසු සභාපතිවරයා, ඔහු එම චක්‍රලේඛය නිකුත් කිරීම ගැන අමාත්‍යවරු ප්‍රශ්න කරේ කිසිවක් නොදන් ආකාරයෙන් බව ද කියා සිටියේය.

නිල ඇඳුම ගැන ප්‍රශ්නයක් මතු කරමින් මුළු මහත් රාජ්‍ය සේවයේම ගෞරවයට හානි කල බව ද පැවසු සභාපතිවරයා සමස්ත රාජ්‍ය අංශයටම ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව අහිමි වෙන බවත් රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට අත නොතබන ලෙස ද ඉල්ලා සිටියේය.

Exit mobile version