කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ගෙවත්තක සඟවා තිබු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය වැල්වැටිතුරෙයි පොලිසියට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී මෙම ගංජා තොගය සොයා ගෙන තිබේ.

සොයාගත් ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙනවිත් මෙරට බෙදාහැරීමට සුදානම්ව තිබු බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පේදුරුතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version