වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයක් නිසා තුවාල ලැබු වතු කම්කරුවන් පස් දෙනෙකු බගවන්තලාව ප්‍රදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතු යායේ ඉහළ කොටසේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක් එක වරම ඇවිස්සි තමන්ට පහර දුන් බවයි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින වතු කම්කරුවන් කියා සිටියේ.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.

Exit mobile version