මධ්‍ය නිලධාරීන් 89ක් අධිකාරියට පත් කරයි

ත්‍රිකුණාමලය නාවික හා සාගර විද්‍යා පීඨයේ දී සාර්ථකව පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරීන් 89 දෙනෙකු අධිකාරියට පත් කර ඇත.

ත්‍රිකුණාමලය නාවික හා සාගර විද්‍යා පීඨයේ සරඹ පිටියේ පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වුණි.

පුහුණුවීම් කාලසීමාව තුළ දී විශේෂ දක්ෂතා දැක්වු නිලධාරීන් වෙත සම්මාන ද පිරිනැමුණි.

Exit mobile version