STF මෙහෙයුමකින් සයින්දමරුදුවල දී අයෙක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් කල්මුණේ, සයින්දමරුදු පොදු වෙළඳසැල අසල ඊයේ(23) සවස 6.40 ට පමණ වැටලීමක් සිදු කර තිබේ.

මෙහිදී තීරුබදු රහිතව ආනයනය කරන ලද සිගරට් තොගයක් සමඟ එම සිගරට් සන්තකයේ තබා ගත් සැකකරුවෙක් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා කල්මුණේ පොලීස් ස්ථානය වෙත බාර දී තිබේ.

Exit mobile version