ඊළඟ පරපුරට මේ ගැටළු දෙන්න අවශ්‍ය නෑ – කරූ

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැටළු අනාගත පරපුරට භාර නොදී වර්තමානය තුළම විසඳීම දේශපාලකයින්ගේ වගකීම බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ජාතික සාම මණ්ඩලය විසින් අද(25) කොළඹදී පැවැත්වූ සමුළුවක් අමතමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.

කථානායක කරූ ජයසූරිය මහතා පවසා සිටියේ වසර 71ක් නිදහස ලැබු රටක් ලෙස මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් තිබීමට අවශ්‍ය බවයි.

මේ අතර අනෙක් සියලුම රටවල් ඉදිරියට යන විට අපේ රට ගියේ ආපස්සට බව කතානායකවරයා සඳහන් කරයි.

රට තුළ ඇති මේ ගැටළු වර්තමාන පරපුරේදීම විසඳන්න හැකිනම් ඊළඟ පරපුරට මේ ගැටළු දීමට අවශ්‍ය වන්නේ නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

සාමය හා සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳව ප්‍රජා නායකයින් දැනුවත් කිරීම සඳහා ජාතික සාම මණ්ඩලය සංවිධාන කළ සමුළුවක් අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ  සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.

Exit mobile version