අනවසර සංක්‍රමණිකයින් 3ක් නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණිමට උත්සහ කළ ශ්‍රී ලාංකීක පුද්ගලයින් තිදෙනෙකු ඊයේ(26) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඩෙල්ෆ්, කුවින්තවාඩි ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී ඔවුන් නාවික හමුදා භාරයට ගෙන ඇත.

වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයින් නීති විරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් ඉන්දීයාවේ සිට මෙරටට පැමිණ ඇති බව කරුණු අනාවරණය කර ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24, 27 සහ 34 ක් වන වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින්, ධීවර යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඩෙල්ෆ් පොලීසිය වෙත භාර දීමට කළ බවයි නාවික හමුදාව සදහන් කළේ.

Exit mobile version