ජනාධිපතිවරණය සඳහා පුළුල් සන්ධානයක් ගොඩනඟනවා

එළඹෙන ජනාධිපතිවරණය සඳහා පුළුල් සන්ධානයක් ගොඩනඟන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පාර්ශ්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සිදුකරගෙන යන සාකච්ඡා කඩාකප්පල් කිරිම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

සුරියවැව ප්‍රදේශයේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සිදුකරගෙන යන සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා උත්සහ දරමින් සිටින බවත් ඒය ඉදිරියේදි සාර්ථක විය හැකි බවත් මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.

එක් එක් පුද්ගලයන් පක්ෂයේ ජනාධිපති අපෙක්ෂයා සම්බන්ධයෙන් අදහස් දැක්වුවද එය පිලිගත නොහැකි බව පැවසු අමාත්‍යවරයා පැහැදි කළේ පක්ෂ දෙක වෙන් වෙන් වශයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කළහොත් එහි වාසීය වෙනත් පාර්ශවයකට හිමි වනු ඇති බවයි.

Exit mobile version