මාදම්පේ පැරණි නගරයේ ගින්නක්

හලාවත, මාදම්පේ පැරණි නගරයේ පැරණි යකඩ එකතු කිරීමේ ස්ථානයක අද(02) අළුයම ගින්නක් හටගෙන තිබෙන බවට වාර්තා වෙයි.

මෙම ගින්නෙන් ලොරි රථයක් මුළුමනින් විනාශ වී ඇති අතර තවත් ලොරි රථ දෙකකට සුළු හානි වී තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා හලාවත නගර සභාවට අයත් ගිනි නිවන ඒකකය දැනුවත් කිරීමට මාදම්පේ පොලීසිය
ක්‍රියා කලත් රියදුරෙකු නොමැති බව පවසමින් ඔවුන් පැමිණීම ප්‍රතික්ෂේප කිරීම ගින්න පාලනය කිරීම ප්‍රමාද වීමට හේතුව බව මාදම්පේ පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසිය.

මේ අවට නිවාස කීපයක් තිබු අතර එම නිවාස වෙත ගින්න පැතිර යාම නැවැත්වීම සඳහා මාදම්පේ පොලිසියේ නිලධාරීන් හා ප්‍රදේශවාසින් එකතුව විශාල පරිශ්‍රමයක් දරා තිබෙන බවට වාර්තා වෙයි.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් සිදුවූ අලාභය තක්සේරු කර නොමැති අතර කුණු ගොඩකට තබන ලද ගින්නක් පැතිර යාම මේ ගින්නට හේතු වන්නට ඇතැයි සැක පළ කරයි.

Exit mobile version