විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට

ඊයේ(02) රාත්‍රී 8.20 පමණ සේරුනුවර පොලිස් වසමේ ලිංගපුරම් පත්තිනි අම්මාන් කෝවිල අසල කුඹුරුයායේදී විදුලි සැර වැදී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මෙම අනතතුර සිදුව ඇත්තේ කුඹුරුයායේ තිබූ මිය ගිය පුද්ගලයාගේ ඉඩම අසල ඇති වෙනත් ඉඩමක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් බව වාර්තා වෙයි.

වාගා ආරක්ෂා කර ගැනීම සඳහා නොසැලකිලිමත් ලෙස මෙම ඉඩමෙහි ඇද තිබූ බව සේරුනුවර පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ලිංගපුරම්, කිලිවෙඩ්ඩිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි චිත්‍රෙව්ල් පේරිම්බරාසා නැමති පුද්ගලයෙකි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය ත්‍රිකුණාමලය රෝහලේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version