හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පිළිබඳ අධිකරණයට කරුණු ගොනු කිරීම අද

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් පිළිබඳව අද යළි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ පස්වරුවේ ජාතික රෝහලට සහ නාරාහේන්පිට පොලිස් රෝහලට පැමිණ හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නිරීක්ෂණය කර අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා ය.

සැකකරුවෝ මේ වන විට බන්ධනාගාර නිලධාරීන් භාරයේ ජාතික රෝහලේ සහ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබී ය.

Exit mobile version