සෝයා බෝංචි මිල දී ගන්න කැබිනට් අනුමැතිය

ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සෝයා බෝංචි ධාන්‍ය ගෙන්වීම සඳහා සීමාසහිත එස්.ඩී.කේ. යුනයිටඩ් ඇග්‍රි වෙන්චර්ස් පුද්ගලික සමාගම වෙත රුපියල් මිලියන 840ක මුදලකට ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වි ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මෙම යොජනාව කැබිනට් මණ්ඩලය වෙත ඊයේ(02) දිනයේ ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්, පෝෂණ ගැටළු සහිත ගර්භණී මව්වරුන් හා කිරිදෙන මව්වරුන් වෙත නොමිලේ ලබා දෙන පෝෂ්‍යදායි ආහාරයක් වන ත්‍රීපෝෂ නිපදවීම සඳහා සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමට සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 6,000ක් මිල දී ගැනීමට නියමිතය.

Exit mobile version