බේරුවලින් මුහුදු ගිය පුද්ගලයෙක් අතුරුදන් වෙයි

බේරුවල පොලිස් වසමේ බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය අයෙක් අතුරුදන්ව ඇති බවට වාර්තා වෙයි.

අදාළ පුද්ගලයා ගමන්ගත් බෝට්ටුවෙන් මුහුදට වැටී ඇති බවට ලද තොරතුරකට අනුව බේරුවල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් බෝට්ටුව නැවත ධීවර වරායට පැමිණ ඇති අතර අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 35ක් වු අයෙකි.

අතුරුදන් වු පුද්ගලයා සෙවීමේ කටයුතු නාවික හමුදාව විසින් සිදු කරන අතර බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version