කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි හා ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද පස්වරු 2.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක්ද සෙසු ප්‍රදේශවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව හෙට (10දා) පස්වරු 2.00 දක්වා වලංගු වන පරිදි නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.

Exit mobile version