ඕන නැවකට මේ ලංකාවට එන්න පුළුවන්

රට අත්පත් කරගැනිමට කිසිවිටකත් අමෙරිකාවට ඉඩ නොතබන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මේ දිනවල ඉන්දීය නෞකාවක් මෙරටට පැමිණ නිරීක්ෂණ කටයුතු කරනවා යැයි ආරංචියක් තිබේද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, “ඕන නැවකට මේ ලංකාවට එන්න පුළුවන්. අපි විවෘතයි. ඉතින් ඒක ආව කියලා රට අල්ල ගන්න යනවා ද ?“ යනුවෙනි.

මේ අතර ඇමෙරිකාවෙන් පිරිසක් පැමිණ භූමිය මනිමින් සිටින බවට ඇතැමුන් ප්‍රකාශ කරන බවට ද මාධ්‍යවේදීන් විසින් මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

එම ප්‍රකාශයන් අසත්‍යයක් බවත්, කිසිවෙකුට ලංකාව අත්පත් කර ගැනීමට ඉඩක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Exit mobile version