වැස්ස නිසා නැවතුණු තරඟය අද යළි අරඹයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ(09) පැවති අවසන් පූර්ව වටයේ පළමු තරඟය වර්ෂාව හේතුවෙන් තාවකාලිව නතර කිරීමට සිදුවිය.

තරඟය නතර කරන විට කාසියේ වාසිය දිනාගෙන නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි අතර ඒ අනුව ඔවුන් පන්දුවාර 46යි එක් පන්දුවක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 211ක් ලබා සිටියේය.

ඉන් අනතුරුව පිටියට ඇඳ හැලූණු වර්ෂාව හේතුවෙන් තරඟය තාවකාලිකව නතර කෙරුණු අතර අද යළි තරඟය ආරම්භ වන්නේ නවසීලන්තය ඊයේ අවසන් කළ තැන සිටයි.

Exit mobile version