විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසීම අද සවස 6 ට

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යොජනාව පිළිබඳ විවාදය අද දෙවන දිනටත් පැවැත් වෙයි.

යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.

පාස්කු ඉරිදා දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා,අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවට එරෙහිව කරුණු 12කින් යුතු අදාල විශ්වාසභංග යෝජනාව ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් යොමුකරන ප්‍රශ්න වටයෙන් පසුව විවාදය අද දෙවන දිනට ආරම්භකරනු ලැබීය.

Exit mobile version