දෙමටගොඩ දී හෙරොයින් සමඟ කතක් අත්අඩංගුවට

දෙමටගොඩ පොලිස් වසමේ ප්ලේස් වත්තේ දී හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 540ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙම සැකකාරිය වයස අවුරුදු 53ක් වු බේස්ලයින් පාර, දෙමටගොඩ පදිංචි අයෙකි.

සැකකාරිය අද(13) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version