හෙට ගම්පහ, කැලණිය ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

හෙට(19) දිනයේ උදෑසන 8.00 සිට පස්වරු 5.00 දක්වා කැලණිය හා අවට ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

විදුලි බල මණ්ඩලයේ අළුත්වැඩියා කටයුත්තක් කිරීම හේතුවෙන් මෙලෙස ජල කප්පාදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, පෑලියගොඩ නගර සභා ප්‍රදේශය වත්තල, නගර සභා බල ප්‍රදේශය, වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, දොම්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, ජා ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, ජා ඇල නගර සභා බල ප්‍රදේශය, කටුනායක /සීදුව නගර සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව බලපායි.

Exit mobile version