ගම්පහ පවුල් 744 ක සාමාජිකයින් 3013 දෙනෙකු පීඩාවට

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (30) දහවල් වන විට ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයෙහි වාර්තාවට අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 ක පවුල් 744 ක සාමාජිකයින් 3013 දෙනෙකු පීඩාවට පත්ව අයෙකු මිය ගොස් ඇති බවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බවත් සඳහන්ව තිබිණි.
එම වර්තාවට අනුව පෙරේදා සිට පවතින වර්ෂාව හා ඇති වු තද සුළං සහිත තත්ත්වය හේතුවෙන් නිවාස දෙකක් පුර්ණ වශයෙන්ද නිවාස 244 ක් අර්ධ වශයෙන්ද හානියට පත්ව ඇති බව වාර්තා වේ.වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි වැඩිම පවුල් සංඛ්‍යාවක් පීඩාවට ලක්ව ඇති අතර එය පවුල් 653 ක සාමාජිකයින් 2611 දෙනෙකි.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 35 ක සාමාජිකයින් 159 ක්, කටාන කොට්ඨාසයේ පවුල් හතක 26 ක්, අත්තනගල්ල කොට්ඨාසයේ පවුල් දෙකක සාමාජිකයින් 4 ක්, මහර පවුල් 12 ක 56 ක්, බියගම පවුල් 21 ක සාමාජිකයින් 89 ක්, ජාඇල කොට්ඨාසයේ පවුල් 12 ක සාමාජිකයින් 59 ක් සහ ගම්පහ කොට්ඨාසයේ පවුල් තුනක සාමාජිතයින් නව දෙනෙකු මෙලෙස පීඩාවට ලක්ව ඇත.
පීඩාවට පත්ව සිටින පවුල් ගැන සොයා බලා ඔවුනට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා විසින් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දී ඇති අතර  ආපදා තත්ත්වයෙන් යම් හානියක් සිදුවුවහොත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කරන ලෙස ජනතාවට දැනුම් දෙන බවත් දිස්ත්‍රික් ලේකම් කීය.
Exit mobile version