විශේෂ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන 5042ක්

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 5042 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ(23) උදෑසන 6.00 සිට අද(24) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 201ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.

බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා සිට ආරම්භ වූ අතර එය මාසයක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව පසුගිය 5 වනදා සිට අද දක්වා කාලය තුළ අත්අඩංගුවට ගත් මුළු බිමත් රියදුරන් සංඛ්‍යාව 5042 ක් බව පොලීසිය පවසයි.

Exit mobile version