රැකියා විරහිත උපාධිධාරීන් 16800කට රැකියා දෙන්න අනුමැතිය

රැකියා විරහිත උපාධිධාරීන් 16800ක් රජයේ අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව 2012 වසරේ සිට රජයේ විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර සිසුන් ලෙස උපාධිය නිමකර ඇති රැකියා විරහිත උපාධිධාරීන් මෙසේ බඳවා ගැනෙයි.

එහි පළමු අධියර යටතේ මීට පෙර රැකියා විරහිත උපාධිධාරීන් 5000ක්ද දෙවැනි අදියර යටතේ උපාධාරීන් 15000ක්ද බඳවා ගැනීමට නියමිතව තිබුණි.

පළමු අදියර යටතේ උපාධිධාරීන් 5000ක් බඳවා ගත්තත් එහිදී පුරප්පාඩු 1800ක් ඇතිව තිබේ. එම 1800  හා දෙවැනි අදියර යටතේ බඳවා ගැනීමට සිටි 15000 ද ඇතුළුව 16800ක් මෙසේ බඳව ගැනීමට නියමිතව තිබේ.

අනුපිළිවෙළින් 2012 සිට 2016 දක්වා උපාධිධාරින් බඳවා ගැනීමට නියමිතය. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර තිබුණි.

Exit mobile version