හේෂා විතානගේ කළ ප්‍රකාශයක් ගැන විමර්ශන අරඹයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිබදව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ විමර්ශනයේ මුලික කටයුතු මේ වන විට සිදු කෙරෙන බවයි.

ඊට අදාලව හේෂා විතානගේ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයන් සටහන් කර ගැනීම සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් කතානායක කරු ජයසුරිය මහතාගෙන් ලිඛිත අවසර ඉල්ලා ඇති බවද  සදහන්.

කතානායකවරයා අවසර ලබාදීමෙන් අනතුරුව මන්ත්‍රිවරයා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට කැදවා ප්‍රකාශ සටහන් කරගැනිමට නියමිතයි.

පාස්කු ඉරුදින බොම්බ ප්‍රහාර මළාවේ බොම්බකරුවන් ඉල්ලක කරගත් ස්ථාන සම්බන්ධයෙන් හේෂා විතානගේ මන්ත්‍රීවරයා විසින් අදාල ප්‍රකාශය සිදු කර තිබේ.

Exit mobile version