අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

පුරප්පාඩු සහිත ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා වු අයඳුම්පත් අගෝස්තු මස 21 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

සුදුසුකම්ලත් ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ නිළධාරීන්ගෙන් ඒ සඳහා යොමුකර හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්. එම්. එම් රත්නායක මහතා සදහන් කළේය.

ඔහු පවසන්නේ ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ තුන්වන පන්තියට  තවත් නිළධාරීන් 1918 දෙනෙකු බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ද මේ වනවිට ක්‍රියාත්මක වන බවයි.

Exit mobile version