කසිප්පු බීලා මැරුණානම් කරන්න දෙයක් නෑ – ජනපති

මත්ද්‍රව්‍ය විරෝධි සටනට එරෙහිව නැගෙන හඬ හමුවේ වඩා සතුටට පත්වන්නේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ ස්ත්‍රී දූෂකයන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) පෙරවරුවේ දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති, රට වෙනුවෙන් එකට සිටිමු, ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

එම අවස්ථවේ දී මීරිගම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයන් පිරිසක් මිය යාම පිළිබඳව සිය අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ සිය අදහස් කළේය.

“අද උදේ පත්තරෙන් දැක්කා කසිප්පු බීලා විෂ වෙලා දහදෙනෙක් මැරිලා.

මට බනින්න එපා කිව්වට මමනම් කියන්නේ එහෙම වුණාට කමක් නෑ.

මොකට ද මේ දහ ජරාව බොන්නේ?

කසිප්පු බීලා මැරුණානම් කරන්න දෙයක් නෑ.

නීති විරෝධී මත්ද්‍රව්‍ය රට පුරා පැතිරිලා. කසිප්පු බීලා මිනිස්සු මැරෙන එක අද ඊයේ කාරණයක් නෙවේ.”

 

Exit mobile version