එඬරු ඇට කෑ ළමුන් පිරිසක් රෝහලට

එඬරු ඇට ආහාරයට ගත් මඩොල්සිම වතුයායේ කොකාගල වතු නිවාස වල දරුවන් හත් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව ඊයේ (06) රාත්‍රීයේ මැටිගහතැන්න දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පලාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කොකාගල වතුයායේ අංක 22 වතු නිවාස වල පදිංචි අවුරුදු 5-10 වයස්වල පසුවන දරුවන් පිරිසක්.

කොකාගල වතුයායේ කෝවිලකට පැවති උත්සවයක් අතරතුර දී ඔවුන් මෙම එඬරු ඇට ආහාරයට ගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

Exit mobile version