අද සිට ලබන සිකුරාදා වන තෙක් ධීවර කටයුතුවල නිරත නොවන්න

අද (05) සිට ලබන සිකුරාදා වන තෙක් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතා ප්‍රකාශ කළේ අද දිනය වන විට අඩු පීඩන තත්ත්වය මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයට ළඟා වන බවයි.
මේ වන විට හම අඩු පීඩන කලාපය ගිනිකොණ දිග වෙරළතීරයට කිලෝමීටර් 1100ක් පමණ දුරින් පිහිටා තිබේ.
විශේෂයෙන් පොතුවිල්, ත්‍රීකුණාමලය සිට කන්කසන්තුරෙයි දක්වා මුහුදු ප්‍රදේශවල අවදානම් තත්ත්වයක් මතුවිය හැකි අතර ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වෙමින් සිටින පුද්ගලයින්ට බංග්ලාදේශය දෙසට ගමන් කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත.
මේ අතර අද දිනයේ උතුර, උතුර මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 02.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Exit mobile version